රිතික්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලු රාජ්මෞලි
පසුගියදා නිමාව දුටු ගෝල්ඩන් ග්ලෝබි සිනමා සම්මාන උළලේදී කැපී පෙනෙන චිත්‍රපටයක් වූ RRR චිත්‍රපටයේ අධ්‍යක්ෂක රාජ්මෞලි නිව්යෝර්ක් රතු පලස මත මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකදී ඔහු ප්‍රසිද්ධියේම රිතික් රෝෂන්ගෙන් සමාව අයැද ඇත.
මාධ්‍යවේදියා අසා තිබුණේ මීට වසර 15කට පෙර රාජ්මෞලි විසින් රිතික් රෝෂන්, ප්‍රබාස්ට වඩා පහළ මට්ටමක සිටින බවට කළ ප්‍රකාශයයි. එහෙත්, රාජ්මෞලි සඳහන් කර තිබුණේ එවකට තිබු වතාවරණය මැද තමන් එසේ රිතික් වර්ග කළ බවත් අද වන විට ඔහු එසේ වර්ග කළ නොහැකි ඉතා විශිෂ්ට ගනයේ නළුවෙක් බවත් රාජ්මෞලි මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් පවසා තිබුණි.