රාණි සහ ශාරුක්ගෙන් හැඩවෙන අලුත්ම චිත්‍රපටය
රාණි මුකර්ජි සහ ෂාරුක් ඛාන් යනු බොලිවුඩ් තිරයේ සදාකාලික පෙම්වතුන් යුවළ අතරින් එකක් ලෙස හැඳින්විය හැකියි. මෙම යුවළ රංගනයෙන් දායක වන සිනමා පටයක් නිර්මාණය කිරීමට සූදානම් වන පුවතක් බොලිවුඩයේ ආරංචි මාර්ග පවසයි. රාණි මුඛර්ජිගේ සැමියා වන ආදිත්‍ය චොප්රා විසින් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන බව කියන මෙම චිත්‍රපටය ගැන රාණි මුඛර්ජි සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
ආදිත්‍ය සහ ඇය ස්වාමිපුරුෂයා සහ භාර්යාව වුවත් ඔවුන් ඔවුන්ගේ වෘත්තියේදී සම්පූර්ණ වෘත්තිකයන් ලෙස කටයුතු කරන බවත්, තමාට පිටපතක් ලැබුණු පසු එය තමාට සුදුසු නම් පමණක් බාර ගන්නා බවත් ආදිත්‍ය අධ්‍යක්ෂණය හෝ නිෂ්පාදනය කරන්නේ එය ඔහුට සුදුසු යැයි විශ්වාස කරන විට පමණක් බව ඇය පවසා තිබුණා. මෙම චිත්‍රපටය සඳහා රාණි සහ ෂාරුක් යොදා ගැනීම සුදුසු යැයි ආදිත්‍යට හැඟෙනවා නම් ඔහු අනිවාර්යෙන්ම එය කරයි යනුවෙන් රාණි මුකර්ජි වැඩි දුරටත් පවසා තිබුණා. කෙසේ වෙතත් මෙම පුවත ලොව පුරා සිටින බොලිවුඩ් සිනමාලෝලීන්ට නම් අපූර්ව ආරංචියක් වනු ඇත.