රාණී එක්ක වැඩ කරන්න තවමත් කැමති අමිර් ඛාන්
බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජිගේ 44 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණී. එයට ප්රතිචාර දක්වමින් සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් සිය සුබපැතුම් එකතු කොට තිබුණ අතර, ඔහු සඳහන් තිබුණේ ඇය සමග නැවතත් වැඩ කිරිමට තමන් තවමත් කැමැත්තෙන් පසුවෙන බවය.
අමිර් ‘ගුලාම්’ චිත්රපටයේ රාණි මුඛර්ජි සමග රංගනයෙන් දායක වූ අතර, ඉන් පසුව අමිර් නැවතත් රාණිට 2004 වසරේ ඔහු විසින් නිෂ්පාදනය කළ ‘ලගාන්’ චිත්රපටයේ රඟපාන්නට ඇයට ආරාධනා කර තිබුණි. එහෙත්, රාණි පෞද්ගලික හේතුවක් මත එම චිත්රපටයේ රඟපෑම ප්රතික්ෂේප කරනු ලැබිය.