රාජිණිකාන්ත්ගේ ජෙලර් චිත්‍රපටයට එකතු වු තමන්නා
අදටත දකුණු ඉන්දියාවේ සුපිරි විරයා ලෙස සැළකෙන රාජිණිකාන්ත්ගේ 169 වැනි චිත්‍රපටය ලෙස මේ වසරේ නිකුත් වීමට සූදානම් කර ඇති ජේලර් චිත්‍රපටය සඳහා මේ වනවිට සුපිරි ඉන්දීය සිනමා නිළි තමන්නා එක්ව තිබෙන බව සඳහන් වෙයි.
මීට දින කිහිපයකට පෙර හයිද්‍රබාද්හි රූපගත කිරිමකට ඇය මෙසේ එක්ව තිබුණි. රාජිණි හා තමන්නා එකම චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව මෙය ලෙස දකුණු ඉන්දීය සිනමා ඉතිහාසයට එකතු වෙයි. ඔවුන්ට අමතරව රම්‍යා ක්‍රිෂ්නන්, යෝගි බාබු මෙන්ම මලයාලම් නළු මෝහන්ලාල්ද මෙහි රංගනයෙන් දායක වෙයි.