රාජ්කුමාර්ගේ චිත්‍රපටයට ෂාරුක් හා කියයි
‘ත්‍රි ඉඩියට්ස්, ‘මුන්නාබායි’, ‘පිකේ’ හා ‘සංජූ’ වැනි අති දැවැන්ත ආදායම් උපයාගත් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රාජ්කුමාර් හිරුණිගේ අලුත්ම චිත්‍රපටයට එක්වීමට මේ වනවිට සුපිරි නළු ෂාරුක් ඛාන් සිය කැමැත්ත ලබාදී ඇත.
කාලයක් තිස්සේ මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙනවාද නැද්ද දෙගෙඩියාවෙන් පසුවු ෂාරුක් පසුව සිය කැමැත්ත මීට දින කිහිපයකට පෙර රාජ්කුමාර් හිරුණිට ලබාදී ඇත. 2022 වසරේ ප්‍රදර්ශණය වීමට නියමිත ඇති මෙම රාජ්කුමාර් හිරුණිගේ චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වසරේ අගදී ආරම්භ කිරිමට සූදානම් බව වාර්තා වෙයි. මෙහි කතාව, නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයද රාජ්කුමාර්ගෙනි.