රංගනයෙන් තාවකාලිකව ඉවත්වන්න සූදානම් වන සැන්ඩ්‍රා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කා සම්මානලාභි නිළියක් වන සැන්ඩ්‍රා බ්ලොක් මේ වනවිට සිනමා රංගනයෙන් තාවකාලිකව ඉවත්වීමට සූදානමකින් පසුවෙන බව සඳහන් වෙයි. මේ වසරේ තිරගත වූ ‘ද ලොස්ට් සිටි’ චිත්‍රපටයේ ‘ලොරේටා’ ලෙස රංගනයෙන් දායක වූ සැන්ඩ්‍රා මෙසේ තාවකාලිකව රංගනයෙන් ඉවත්වීමට හේතු දක්වා තිබුණේ තමන් එක දිගට කලා නිර්මාණ නිසාවෙන් කාර්යබහුල වීමය.

කෙසේ වෙතත්, සැන්ඩ්‍රා යළිත් චිත්‍රපටයක දකින්නට ලැබෙන්නේ කවදාද යන්න ප්‍රශ්නාර්ථයකි. ප්‍රවිණයෝ සඳහන් කරන්නේ සැන්ඩ්‍රා මේ වනවිට වයස්ගතව ඇති හෙයින් තාවකාලිව විරාමයකට වඩා දිගු විරාමයක් ඇය සිනමා රංගනයෙන් ගත යුතු බවය.