රෝගාතුරව සිටි හේමා මාලිනිට ධර්මේන්ද්ර දුන් උපන්දින තිළිණය
සති කිහිපයක් තිස්සේ විවිධ රෝග පීඩාවන්ට මුහුණ දෙමින් සිටි හින්දි සිනමා නිළි හේමා මාලිනිගේ 73 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඒ වෙනුවෙන් හේමා මාලිනිගේ සැමියා වූ සිනමා නළු ධර්මේන්ද්ර ඇයට පුදුම කිරිමේ උපන්දින තැග්ගක් ලබාදි ඇත.
ඇයට සිය උපන්දිනය වෙනුවෙන් සුබපතා විනාඩි කිහිපයක් ගෙවෙද්දි ඇයගේ නිවස වෙත ගිය ධර්මේන්ද් ඇයට රෝස පැහැයට හුරු සාරියක් තැගි කර ඇති ධර්මේන්ද්ර පසුව ඔහු විසින් ගෙන ආ උපන්දින කේක් එකද කපා ඇයට සිය සුබපැතුම් එකතු කර ඇත.