මේ වසරේ අමිතාබ්ගේ චිත්‍රපට පෝලිමක්
පසුගිය වසර කිහිපයේදී එතරම් බොලිවුඩ් චිත්‍රපටවල දකින්නට නොලැබුණ අමිතබ් බච්චන් මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට හතරකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සුදානමින් සිටියි. 79 වියෙහි පසුවන අමිතාබ් මේ වසරේදී මුලින්ම සිය බොලිවුඩ් සිනමා ලෝලින් මුණ ගැසෙන්නේ නාගරාජ් මනුලිගේ ‘ජුන්ඩ්’ චිත්‍රපටයෙනි. එය පාපන්දු ක්‍රීඩාව පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයකි.
මෙම චිත්‍රපටයට අමතරව, අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කරන ‘රන්වෙයි 34’, අයන් මුඛර්ජි අධ්‍යක්ෂණය කරන ‘බ්‍රහ්මාස්ටර්’, විකාෂ් බාල්ගේ ‘ගුඩ් බායි’ චිත්‍රපටය තුළින් අමිතාබ් මේ වසරේ බොලිවුඩ් සිනමා ලෝලීන්ට දැකගත හැකිය.