මේ වසරේම එන විජේගේ අලුත්ම චිත්රපටය
සාර්ථක ආදායමක් උපයා ගනිමින් මේ වනවිට ලොවපුරා ප්රදර්ශනය වෙමින් පවතින වරිසු චිත්රපටයෙන් පසුව විජේ රංගනයෙන් දායක වෙන තවත් චිත්රපටයක් මේ වසරේදී තිරගත කරන්නට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ. දැනට තලපති 67 ලෙස තාවකාලිව නම් කර ඇති මෙම චිත්රපටය ලොකේෂ් කනගරාජ් විසින් අධ්යක්ෂණය කරනු ලබයි.
ඔහුගේම තිර කතාවකට අනුව නිර්මාණය වන මෙහි විජේ සමගින් ත්රිෂා ප්රධාන චරිත නිරූපණය කරනු ලබයි. කාලයක් දකුණු ඉන්දීය සිනාමවට නැතුවම බැරි නළුවෙකු වූ අර්ජුන් මෙහි රංගනයෙන් දායක වෙන අතර, බොලිවුඩ් සුපිරි නළු සංජේ දත්ද මෙහි දුෂ්ඨයාට පණ පොවනු ලබයි. ප්රියා ආනන්ද් සමගින් මලයාලම් නළු මැතිව් තෝමස්ද මෙහි රංගනයෙන් දායක වෙයි.