මහ ඉහළින් ගත්ත කනිනාගේ දෙවැනි විවාහ මංගල්‍යය
පසුගිය මැයි විසි වැනිදා කනිකා කපූර් නැවත වරක් විවාහ වූවාය. කනිකා යනූ ඉන්දියාවේ ප්‍රකට සිනමා සම්මාන උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ කිහිප වරක් චිත්‍රපටි පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනාගත් ගායිකාවකි.
මෙවර කනිකාගේ අතගනු ලැබුවේ ව්‍යාපාරික ගෞතම් හාතිරමනිය. කනිකා හා ගෞතම් දෙදෙනා වසර කිහිපයක් තිස්සේ පෙම්වතුන් ලෙස කටයුතු කර තිබුණ අතර, ඔවුන්ගේ විවාහය මීට මාස හයක සිට සැළසුම් කළ එකක් බව සඳහන් වෙයි. කනිකා මීට පෙර විවාහ වී සිටියේද ව්‍යාපාරික පුද්ගලයෙකු සමග වන අතර, ඔහු නමින් රාජ් චන්දොක්ය.