මෝහන් ලාල්ගේ Monster ළඟදීම එනවලු
වෙසාක්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෝහන් ලාල් රංගනයෙන් දායක වන නවතම සිනමා පටය Monstarහි පළමු පෝස්ටරය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. මෙම චිත්‍රපටයේ තිර රචනාව උදය ක්රිෂ්ණන්ගේ වන අතර නිෂ්පාදනය ඇන්තනී පෙරුම්බවූර් විසින් සිදු කරනු ඇත. පෝස්ටරය නිකුත් කිරීමත් සමඟ රූගත කිරීම් ආරම්භ කළ බව කියැවෙන මෙම චිත්‍රපටයේ මෝහන් ලාල් ලකී සිංගේ චරිතයට පණ පොවණ බව පැවැසේ. මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ලක්ෂ්මී මංචු විසිනි. ඉදිරියේදී ඩිජිටල් ප්ලැට්ෆෝම් තුළින් මෙම චිත්‍රපටය නැරඹිය හැකි වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.