මෝහන්ලාල් නිතරගයෙන් සභාපති තනතුරට
වාර්ෂිකව පැවැත්වෙන මලයාලම් චිත්‍රපට ශිල්පින්ගේ සංගමයේ නිලවරණයෙන් මලයාලම් සුපිරි තරුව වූ මෝහන්ලාල් නිතරගයෙන් එහි සභපති තනතුරුට පත්ව ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, නිලවරණය පවත්වන්නට මොහොතක් තිබියදී සභාපති තනතුරට තරග කළ අනෙක් පාර්ශවයේ තරගකරු ඉල්ලා අස්වීම හේතුවෙන් මෙසේ මෝහන්ලාල්ට මෙම තනතුර හිමිවූ බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෝහන්ලාල්ගේ පාර්ශවයෙන් තරග කළ කිහිප දෙනෙකු මෙම නිලවරණයේදි පරාජයට පත්ව ඇති අතර, මහ ලේකම් තනතුරුට එදිවේල් බාබුද, භාණ්ඩාගාරික තනතුරුට සිද්ධික් හා සම ලේකම් තනතුරුට ජයසූරිය යන නළුවන් තේරි පත් විය.