මලයාලම් සිනමාවේ, සුරූපි නිළියගේ, සරාගී දෙතොල් සිපගැනීමට රසිකයින්ගේ විරෝධය
ඉන්දීය සිනමාව කියන්නේ දවසින් දවස විවිධ අන්දමේ අත්හදා බැලීම් කරන බොහෝම අපූරූ පාරාදීසයක් කීවොත් හරි. එදා ඉන්දියානු සිනමාවේ "තොල් සිපගැනීමේ" එසේත් නැතිනම් "ලිංගික දර්ශන" බොහෝ සෙයින් ආන්දෝලනයට ලක් වුණත්, මේ වන විට ඒවා සාමාන්‍ය දේ බවට පත්ව තිබෙනවා.
කොහොම වුණත්, ඇතැම් නිළියන් හිතාමතා මෙවැනි දර්ශනවලට පෙනී සිටින්නේ ජනප්‍රියත්වය අරමුණු කරගෙනයි.
විශේෂයෙන් අවස්ථා අහිමි වීමෙන් පසු තමන් වෙතට ජනප්‍රියත්වය ළඟා කරගැනීම හෝ තමා පිළිබඳව කතාබහක් ඇති කිරීම අරමුණු කරගනිමින් නිළියන් මෙවැනි චරිත සඳහා පෙනී සිටිනවා.
මෙවැනි දර්ශන බොහෝමයක් මලයාලම් සිනමාව තුළ දැකගත හැකි අතර, මෑතක තිරගත වූ "බිරියානි" එවැනි අතිශය ආන්දෝලනාත්මක සහ පිළිකුල් සහගත දර්ශන ඇතුළත් චිත්‍රපටයක්.
පසුගිය දවසක තවත් ජනප්‍රිය මලයාලම් රංගන ශිල්පිනියක් සීමාව කඩා බිඳ දමමින් ඉදිරියට ආවේ, "දොතොල් සිපගැනීමක්" නිසයි.
ප්‍රේමම් චිත්‍රපටය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ඇය අනුපමා පරමේෂ්වරන්.
ඔහු ධනුෂ් රඟපෑ "කොඩි" චිත්‍රපටයෙත් රංඟනයෙන් දායක වනවා.
අනුපමා මේ වන විට රවුඩි බෝයිස් නම් චිත්‍රපටයේ ජනප්‍රිය නිෂ්පාදක දිල් රාජුගේ ඥාති පුත්‍රයෙකු සමඟ රංගනයේ යෙදෙන අතර, චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
අනුපවා මෙහි පළමුවරට දෙතොල් සිප ගැනීමේ දර්ශනයකට පෙනී සිටින අතර, එහි සේයාරුවක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
අනුපමාට ආදරය කරන රසිකයින් බොහෝ දෙනෙක් ඇයට විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
By Laksan
ඉන්දීය මාධ්‍ය