මුම්බායි නගරයේ රශ්මිකා එක්ක රවුම් ගහන රන්බිර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආලියා භාට් සමගින් මීට දින කිහිපයකට පෙර විවාහ වූ රන්බිර් කපූර් සිය මධුසමය ගත කොට මේ දිනවල නැවතත් මුම්බායි නගරයට පැමිණ සිටියි. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය ‘ඇනිමල්’ හි රූපගත කිරිම් කටයුතු සඳහාය.

මේ දිනවල මුම්බායි නගරයේ ස්ථාන කිහිපයකදීම මෙහි රූපගත කිරිම් කටයුතු සිදුවෙන අතර, රන්බිර්ට චිත්‍රපටයේ ප්‍රධාන නිළීය සමගින් මුම්බායි නගරයේ රවුම් ගහන්නට මේ නිසා සිදුව ඇති බව සඳහන් වෙයි. ‘ඇනිමල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ  දකුණු ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනාය.