මාමණ්ඩියගේ උපන්දිනය සමරන්න රන්බීර්, ආලියාගේ ගෙදර ගිහින්
අවස්ථා කිහිපයකදීම සිය විවාහ සිදුවෙන බවට කට කතා පැතුරණද තවමත් අවිවාහක පෙම්වතුන් යුවළක් ලෙස කටයුතු කරන ආලියා භාට් හා රන්බිර් කපූර් දෙදෙනා සම්බන්ධව අලුත් තොරතුරු කිහිපයක්ම මේ දිනවල වාර්තා වෙමින් පවතියි.
මීට දින කිහිපයකට පෙර ආලියාගේ පියා වන චිත්රපට අධ්යක්ෂක මහේෂ් භාට්ගේ 70 වැනි උපන්දිනය යෙදි තිබුණ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේ පුංචි පහේ සාදයක්ද සංවිධානය කර තිබුණි. ඊට ආලියාගේ පෙම්වතාද සහභාගි වි සිටියහ. වාර්තා වන අන්දමට රන්බිර්ගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම උත්සවයට පැමිණ ඇති අතර, ඔවුන් ආලියා හා රන්බිර්ගේ විවාහ උත්සවය පවත්වන දින පිළිබඳවද මෙහි කතා කර තිබෙන බව සඳහන් වෙයි.