මිනිසුන් ගේ සරල ජීවිතය ප්‍රීති ගේ ඇසින්
අවුරුද්දක් පමණම ගෙවල්වලටම කොටු වී සිට නැවත එළිමහනට යන්නට හැකි වීම ආශීර්වාදයක් බැව් ප්‍රීති සින්තා පවසන්නීය. මේ දිනවල ඇය වාසය කරන්නේ ලොස් ඇන්ජලිස්වලය. ඇමෙරිකානු ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඞ් එන්නත ලබාගෙන ඇති අතර ඔවුහු නැවතත් සාමාන්‍ය ජීවිතයට හුරු වෙමින් සිටිති.
මාස දහ අටක්ම ගෙතුළට වී සිටීමෙන් පසුව ප්‍රීති පසු ගිය දිනෙක මිතුරියක සමඟ භෝජන සංග්‍රයකට එක් වූවාය. ඇමෙරිකානු ජනතාව වීදිවල රැස් වී කමින් බොමින් විනෝද වෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඇය අන්තර්ජාලයට මුදා හැර තිබිණි.
“මිනිස්සු සරල දේවල්වලින් විනෝද වෙන ආකාරය දැකීමත් සතුටක්..” ඇය පවසන්නීය.
පසු ගිය දිනවල අයි. පී. එල් තරඟාවලිය නිසා කාර්යබහුලව සිටියත් එය කල් දැමීම නිසා ඇය ඇමෙරිකාවට ගොස් තිබේ.