මධුරිගේ සැමියාගේ බොලිවුඩි දැනුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මධුරි ඩික්සිත් සහ ඇගේ සැමියා ශ්‍රීරාම් නෙනේ සියලු දෙනාගේම අවධානයට හා ආදරයට පාත්‍ර වන යුවළකි. මධුරි නිතරම ඔවුන් දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යයන්හි පළ කරන්නීය. එහෙත් වෛද්‍යවරයෙකු වන ඇගේ සැමියා බොලිවුඩය ගැන දන්නේ අඩුවෙන් බැව් වරක් ඇය සඳහන් කර තිබිණි. මංගල උත්සවයට සහභාගි වූ නළුනිළියන් අතරින් ඔහු හැඳිනගෙන තිබුණේ අමිතාබ් බච්චන් පමණකි.  

“මට අර මූණ මතකයි..” ඔහු ඇයට කීවේය. 

ඇය නිහඬව හිස සැලුවාය. ඔහු අමිතාබ් රඟ පෑ අමර් අක්බාර් ඇන්තනි චිත්‍රපටිය නරඹා තිබුණේ පාසැල් වියේදී බැව් පසුව ඇයට දැන ගන්නට ලැබිණි.  

පසු ගිය දිනවල ඇය තමා රඟ පෑ දේව්දාස් චිත්‍රපටියට දහ නව වසරක් සපිරීම පිළිබඳව ඇය කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල පළ වී තිබිණි. එතරම් කලක් ඉකුත් වුවත් එහි මතකය තවමත් නැවුම් බැව් එහි සඳහන් වූයේය. 

මධුරි ඩික්සිත් අවසානයට දක්නට ලැබුණේ කලන්ක් චිත්‍රපටියේය. සංජේ දත්, ආලියා භාත්, සෝනාක්ෂි සිංහා, හා වරුන් ධාවාන් ද එහි රඟ පෑහ.