මත් ද්‍රව්‍ය නොගන්නා සුනිල් ෂෙට්ටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මම කවදාවත් දුම් වැටි හෝ ඇල්කොහොල් පාවිච්චි කරලා නෑ.. ඒ වගේම ක්ෂේත්‍රයේ තියෙන බොහෝ නරක පුරුදුවලින් ඈත් වෙලා ඉන්නෙ.. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ මම ශාන්තුවරයෙක් කියන එක නෙමෙයි..” සුනීල් ෂෙට්ටි කියන්නේය. 

අද බොහෝ නළුවන් මත්ද්‍රව්‍ය හා දුම්කොළ ප්‍රචාරණයට උදව් කරන බැව් කියමින් පළ වූ ට්විටර් සටහනක සුනීල් ගේ නම ද සඳහන් වී තිබුණේ වැරදීමකිනි. එයට පිළිතුරු වශයෙන් ඔහු මේ අදහස් පළ කර තිබිණි. 

“මිනිස්සු අහනවා මගේ වයස අවුරුදු හැටක් වුණත් මම මෙච්චර තරුණ පෙනුමෙන් ඉන්නෙ කොහොමද කියලා.. මත්ද්‍රව්‍යවලින් ඈත් වීම තමයි හේතුව.. ඇත්තටම තමන් භාවිතා කරන්න අකැමැති දේවල් ප්‍රචාරණයට ඉදිරිපත් වීම හොඳ දෙයක් නෙමෙයි කියලයි මම කියන්නෙ...” ඔහු කීවේය.