මේගන් ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ වලින් ඉවත් කිරිමට හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉහළ ආදායමක් ලබමින් අති සාර්ථකව තිරගත වූ ට්‍රාන්ස්ෆෝමර්ස් මුල් චිත්‍රපට දෙකේ ප්‍රධාන නිළියට රඟපෑ සුරූපි මේගන් ෆොක්ස් තමන්ව ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවෙන් ඉවත් කළ හේතුව මුල් වරට ප්‍රසිද්ධ කර ඇත. ඇය පවසන්නේ තමන් එම චිත්‍රපට අධ්‍යක්ෂණය කළ මයිකල් බේ විවේචනය කිරිම එයට මුල් වු බවය.

ඉන් පසුව හොලිවුඩයේ සිය ස්ථාවරය සොයාගන්නට අසමත් වූ මේගන්ට ඇන්ජලිනා ජොලි රඟපෑ ටොම්බ් රයිඩර් චිත්‍රපටවල ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතය පිරිනැමූ නමුදු ඇය එයද ප්‍රතික්ෂේප කරමින් ටීනේජ් මුටන්ට් නින්ජා ටර්ට්ල්ස් සිනමා නිර්මාණයට එකතු වුවාය. මේ වනවිට ඇය ප්‍රකට එක්ස්ෆේන්ඩිබල් චිත්‍රපටයේ රූපගත කිරිම් සඳහා එකතුව සිටිනව බව සඳහන් වෙයි.