‘බහුබාලි’ට රඟපෑ ප්‍රභාස් නිවාඩුවක් ගත කරන්න ඉතාලි ගිහින්
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ප්‍රභාස් මේ දිනවල ඉතාලියේ රෝම නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු දින දහයක කාලයක් ඉතාලියේ රැඳි සිටින අතර, මාර්තු 21 වැනිදා නැවතත් ඉන්දියාවට පැමිණිමට නියමිතව ඇත. ප්‍රභාස් මෙසේ හදිසියේම නිවාඩුවක් ගත කිරිමට තිරණය කර ඇත්තේ කලකට පසුව තමන් පෙනි සිටින චිත්‍රපටයක් අති සාර්ථකව ප්‍රදර්ශනය වීම හේතුවෙන් බව සඳහන් වෙයි.
ප්‍රභාස්ගේ නවතම චිත්‍රපටය ‘රාධේ ශ්‍යාම්’ දැනට ඉන්දියාට සමගාමිව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය වන අතර, එය ඉන්දියාවේ පමණක් දැනට ඉන්දීය රුපියල් කෝටි 150කට වඩා වැඩි මුදලක් උපය ගැනිමටද සමත්ව ඇත.