බොලිවුඩ් සිනමාවට සීමා වී සිටි සිද්ධාර්ත් දමිල සිනමාවටත් පිවිසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ ප්‍රදර්ශනය වූ ‘ෂර්ෂා’ චිත්‍රපටයේ රඟපෑ සිද්ධාර්ත් මල්හෝත්‍ර මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටින බව දැන ගැනීමට ලැබේ. රසික, රසිකාවියන් සමග එක්වූ සජිවි ටිවිටර් සංවාදයකදී සිද්ධාර්ත්ගෙන් දමිල සිනමා ලෝලීයෙකු දමිල සිනමාවට එක්විමේ සූදානමක් නැද්ද යන්න පැණයක් මතු කළ අවස්ථාවේදී සිද්ධාර්ත් පවසා තිබුණේ නුදුරේම තමන් දමිල සිනමාවටද එකතු වෙන බවය.

එමෙන්ම ඔහු රංගනයෙන් දායක වූ ‘ෂර්ෂා’ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර තිබුණේ දමිල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ විෂ්ණු වර්ධන් විසින් වන අතර, සිද්ධාර්ත් මීළඟට සිය රසික පිරිස් මුණ ගැසෙන චිත්‍රපටයේද ඔහු පෙනී සිටින්නේ දමිල සිනමා නිළියක් වූ රශ්මිකා මන්දනා සමගින් වීම විශේෂත්වයකි. බොහෝ දෙනෙකු පවසන්නේ සිද්ධාර්ත්ව ඉදිරියේදි දමිල සිනමාවෙන් දැකගත හැකි බවය.