බොලිවුඩයේ ගිනි සිළුව කත්රිනා කායිෆ්, මාලදිවයිනේ වෙරළක හවසක 39 වැනි උපන්දිනය සැමරූ හැටි
බොලිවුඩයේ ගිනි සිළුව ලෙසින් හැඳින්වෙන කත්රිනා කායිෆ් පසුගියදා (16) 39 වැනි වියට පාතැබුවා.
මෑතකදී බොලිවුඩයේ කවුරුත් කතාබහ වුණු විවාහ මංගල්‍යයක් ලෙස ඇයගේ සහ විකී කෞෂාල්ගේ විවාහය හඳුන්වන්න පුළුවන්. මේ ඇය විවාහයෙන් පසුව සමරන පළමු උපන්දිනය.
කත්රිනා තමන්ගේ 39 වැනි උපන්දිනය සමරන්න තෝරාගෙන තිබුණේ මාලදිවයිනේ දූපතක වෙරළක්. කත්රිනා තමන්ගේ සමීපතමයන් සමඟ ඇගේ උපන්දිනය සැමරුවාලු. ඇය සමඟ ඇගේ සැමියා වන විකී කෞෂාල්, මස්සිනා වන සනී කෞෂාල්, සහෝදරිය ඉසබෙලා කයිෆ්, ඉලියානා ඩී'කෲස්, ඇන්ගිරා ධාර්, ආනන්ද් තිවාරි සහ තවත් අය මේ අවස්ථාවට සහභාගී වුණා. විශේෂත්වය වෙන්නේ ඇගේ අලුත් පවුල වෙන කෞෂාල් පවුලේ සාමාජිකයන්ට මෙවර ඇයට සුබපතන්න එක්වෙලා හිටපු එක.
කත්රිනා උපන්දිනයදා ගත් ඡායාරූප කීපයක් තමන්ගේ ෆේස්බුක් ගිනුමෙ පළ කරලා තිබුණා.