බොලිවුඩයේ කිං ඛාන්ට අලුත් දුෂ්ඨයෙක්
බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් මේ දිනවල නයන්තාරා හා සාන්යා මල්හෝත්රා සමගින් ඇට්ලේ කුමාර්ගේ ‘ජවාන්’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා බැංග්ලෝර් නගරයට ගොස් සිටින බවට තොරතුරු ලැබේ.
කොලිවුඩ් සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත්තේ ‘ජවාන්’ චිත්රපටයේ ෂාරුක් ඛාන්ට අලුත් දුෂ්ඨයෙක් හමුවනු ඇති බවය. ඒ ‘බාහුබලී’ චිත්රපටයේ ‘බල්ලාදේව්’ ලෙස රංගනයෙන් දායක වූ රාණ ඩගුපතිය. මේ වසරේ කොලිවුඩ් චිත්රපට කිහිපයකම දකින්නට ලැබෙන රාණා දැනට බොලිවුඩ් චිත්රපට කිහිපයකම රඟපාද ඇත.