බියොන්සේගේ ප්‍රසංගයක් බලන්න හොර රහසේ ගිය ස්පයිඩර් මැන්

  • 20-07-2023
  • Views 99

ස්පයිඩර් මැන් චිත්‍රපට චරිතයට පණ පොවන ටොම් හෝල්න්ඩ් හා ඔහුගේ පෙම්වතිය වන සෙන්ඩියා දෙදෙනා මීට දින කිහිපයකට පෙර හදිසියේම පෝලන්තයට ගොස් තිබේ. ඒ සුප්‍රකට ඇමෙරිකානු පොප් ගායිකා බියොන්සේ නොවැල්ස්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹිම සඳහාය.

ඔවුන් දෙදෙනා මෙම ප්‍රසංගය නැරඹිමට අප්‍රසිද්ධියේ පැමිණ තිබුණ අතර, සැහැල්ලු ක්‍රීඩා ඇඳුම් විලාසිතාවකින්ම දෙදෙනා සැරසි සිට ඇත. ඔවුන් අසල සිටි රසිකයෙකු විසින් ඔවුන් දෙදෙනා ප්‍රසංගය රසවිඳින අයුරු හොර රහසේ විඩියෝගත කර එය අන්තර්ජාලයට මේ වනවිට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි.