බිපාෂා බාසුගේ අලුත් අමුත්තියගේ නම දේවී
ආලියා හා රන්බිර්ගේ අලුත උපන් දරුවාට සමාන ප්රසිද්ධියක් මේ වනවිට බිපාෂා බාසූ හා කරන් සිං ගෝවර්ගේ දරුවාට බොලිවුඩය තුළ ලැබෙමින් පවතියි. ආලියා හා රන්බිර් විවාහ වී මාස හයකට පසුව ඔවුන්ට සිය දරුවා ලැබුණ අතර, බිපාෂා බාසු හා කරන් සිං ගෝවර් විවාහ වී වසර හයකට පසුව මෙම දරුවා ලැබීම විශේෂත්වයකි.
පළමු වතාවට බිපාෂා තමන්ට ලැබුණ අලුත් අමුත්තියකගේ ඡායාරූපයක් පළමු වතාවට ඇය සිය සමාජ පිටු හරහා ප්රසිද්ධ කර තිබුණි. බිපාෂා හා කරන්ගේ අලුත් අමුත්තාගේ නම දේවි ලෙස සටහන් කර තිබුණ අතර, බිපාෂා මෙම ප්රසිද්ධ කළ ඡයාරූපයට මෙසේ කෙටි සටහනක්ද තබා තිබෙනු දක්නට ලැබුණි. ‘recipe for making a sweet baby angel’