බන්සාලිගේ අලුත් චිත්‍රපටයට ජනප්‍රිය තරු දෙකක්
මේ වසර මුලදී ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් ‘ගංගුබායි කතියාවාදි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලි මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානම් කරමින් සිටින බවට තෙරතුරු ලැබේ.
මෙවර ඔහුගේ චිත්‍රපටයට එකතු වෙන්නේ වර්තමානයේ අතිශය ජනප්‍රිය තරුණ නළුනිළි යුවළක් වූ ආදිත්‍යා රෝයි කපූර් හා ක්‍රිති ෂැනොන් දෙදෙනාය. ආදිත්‍ය මීට පෙර බන්සාලිගේ ‘ගුෂාරිස්’ චිත්‍රපටය සඳහා එකතු වු නමුදු, ක්‍රිති බන්සාලිගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වෙයි.