පිළිකා මාරයා හා සටන් වැදුණු, මනීෂා කොයිරාළගේ සංවේදී සටහන
ඇය නමින් මනීශා කොයිරාළ... නේපාලයෙන් බිහිවී 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනීය..
ඇය කොතරම් අපූරු සුන්දර යුවතියක්ද? ඇගේ ඉපැරණි ඡායාරූප බෙදා හදාගන්න පිරිස් තවමත් ඒ රූප සම්පත්තිය ගැන උදම් අනනවා නිසැකයෙන්ම..
එහෙත් අවසානාවක මහත... හිත්පිත් නැති පිළිකාවක් ඈව අඩපණ කරනවා හිටි හැටියෙම.. ඇය ඒ නරුම පිළිකාව එක්ක සටන් වදිනවා වසර ගණනක් තිස්සේ.. පසුව ඇය ප්‍රකාශ කරනවා, මුළු ලෝකෙටම ඇය ඒ සටන ජයගත්තු බව. ඇය උපකාර කරනවා, තවත් අයවුන්ට ඒ හා සටන් වදින...
ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළත් සක්‍රීය චරිතයක්. විශේෂයෙන්ම ඇගේ වත්මනේ ඡායාරූප බොහෝ දෙනෙක් කම්පනයට පත් කරවන බව නම් රහසක් නෙවෙයි...
"අඳුරු උමඟකින් එළියට පැමිණීම, පිළිකාව අවසන් කළ දිනය...."
මේ ඇය පසුගිය දවසක ඇගේ ඉන්සටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණු ආදරණීය සටහනක්. ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් ඔබට බලන්න පුළුවන්.........