පොලිසිය කාන්තාවන්ව නිරුවත් කර පහර දුන් කතාව ඇත්තම ඇත්තක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොලිවුඩ් සිනමාවට ආදරය කරන හැමෝටම "සුර්යා"ව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ.

"සිංගම්" "කාක කාක" වැනි අතිශය ජනප්‍රිය සිනමා පට රාශියක් හරහා ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත සූර්යාගේ අලුත්ම චිත්‍රපටය ඉන්දියාව පුරා ඉමහත් කම්පනයක් ඇති කරන්නට සමත් ව තිබෙනවා.

මේ වන විට මෙම සිනමා පටය IMDb දර්ශකයේ 9.6/10 අගයක් දක්වනු ලබනවා.

ගූගල් පරිශීලකයින් සියයට 97ක් මෙම චිත්‍රපටය සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ වෙනස්ම තේමාවක් ඔස්සේ එම චිත්‍රපටය දිග හැරෙන නිසයි.

ඉන්දියාවේ අතිශය බහුල "කුල භේද" ගැන කතාබහ කෙරෙන මෙම චිත්‍රපටයේ නම "ජයි බිම්".

පහත් කුල එසේත් නැත්තම් "නයි අල්ලන්නන්" කේන්ද්‍ර කරගත් මේ කතාව සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වී තිබෙනවා.

ඔවුන්ට සිදුවන අසාධාරණකම් හමුවේ ජය ගැනීමට පෙනී සිටින නීතිඥයෙකු ගැනයි මෙහි කතා කෙරෙන්නේ. සූර්යා මෙහි එම නීතිඥයා, එනම් "චන්දු"ගේ චරිතය නිරූපණය කරනවා.

සත්‍ය වශයෙන්ම එම නමින් නීතිඥයෙකු සිටින අතර, 1995 වර්ෂයේ සිදුවූ සිදුවීමක් චිත්‍රපටය හරහා දිග හැරෙනවා.

පොලිසිය විසින් මරා දැමුණු රාසාකන්නුගේ බිරිඳ වෙනුවෙන් චන්දු පෙනී සිටින අතර, එතැන් පටන් විවිධ දේශපාලනික අභියෝග මැද සාධාරණය සොයා යන අයුරු මෙහි දැක්වෙනවා.

සැබෑ ජීවිතයේ මෙම නීතිඥවරයා "නොමිලේ" සිය සේවය මෙවැනි අයවුන්ට ලබා දෙන අතර ඔහු එසේ නොමිලේ සිදු කළ සේවාවන් 10, 000 ඉක්මවා යනවා.

චිත්‍රපටයේ ඇති බොහෝ දර්ශන "සත්‍ය ඒවා" බව පසුව පැවති මාධ්‍ය හමුවකදී ද ඔහු සඳහන් කර තිබුණා.

"පොලිසිය කාන්තාවන් නිරුවත් කර පහර දුන් කතාව සත්‍යයක්" බවත් ඔහුගේ සාකච්ඡාවේ සඳහන්.

මේ අතර, මෙම චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණූ ප්‍රධාන නළු සූර්යා සහ ඔහුගේ බිරිඳ ජොතිකා පාසාන්කුඩිහි අධ්‍යාපන අරමුදලට ඉන්දියානු රුපියල් කෝටියක පරිත්‍යාගයක් සිදු කර ඇති බව සඳහන්.

By Lakshan



More In Hot Story