පැරිස් ගිය අර්ජූන් නැවතත් හදිස්සියේම මුම්බායි එන හේතුව
මීට දින නමයකට පෙර ප්රංශයේ පැරිස් නගරයට සිය පෙම්වතිය වූ මලෙයිකා ආරෝරා සමගින් ගිය අර්ජූන් කපූර් නැවතත් ඉන්දියාවට පැමිණ ඇත. එයට හේතුව වී ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්රපටයේ ප්රචාරක කටයුතු හදිසියේම සිදු කිරිම හේතුවෙනි.
අර්ජූන්ගේ අලුත්ම චිත්රපටය වන්නේ මෝහිත් සූරි විසින් අධ්යක්ෂණය කරන ‘ඒක් විලන් රිටන්ස්’ චිත්රපටයයි. මෙහි අර්ජූන් පළමු වතාවට දුෂ්ඨයා චරිතයට පණ පොවන අතර, ජකප්රිය බොලිවුඩ් සිනමා නළුනිළියන් වූ ජෝන් ඒබ්රිහිම්, ඩිෂා පටානි හ තාරා සූටාරියා මෙහි රංගනයේ යෙදේ.