ප්‍රසිද්ධියේම රන්බිර්ට ආලියාට වැලන්ටයින් එකට සුබපතලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය සතිය පුරාවටම දිල්ලි නගරයේ කාලය ගත කළ රන්බිර් කපූර්ට සිය බිරිඳට ආදරවන්තයින්ගේ දිනයේදී සුබපතන්නට අමතක වූ බව සඳහන් වෙයි. මෙසේ රන්බිර් කාර්යබහුල වී තිබුණේ නුදුරේම නිකුත් වීමට නියමිත ‘තු ජුති මේන් මක්කාර්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා එක්වීම හේතුවෙනි.

ඔහු එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ශ්‍රද්ධා කපූර් සමගින් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා දිල්ලි නගරයේ ස්ථාන කිහිපයකම සංවිධානය කර තිබු වැඩසටහන් සඳහා එක්ව සිටි අතර, ඒ නිසාවෙන් රන්බිර්ට සිය බිරිඳ ආලියාට පවා දුරකතන ඇමතුමක් දෙන්නට තරම් නොහැකි තරමට කාර්යබහුල වී තිබුණි.

කෙසේ වෙතත්, දිල්ලි විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රයකදී රන්බිර් සිය බිරිඳ ආලියාට එම ප්‍රසිද්ධ වේදිකාවේම සිය වැලන්ටයින් සුබපැතුම පිරිනැමු බව දැන ගැනීමට ලැබෙයි. ඒ සම්බන්ධ විඩියෝවක්ද මේ වනවිට රන්බිර් විසින් සිය සමාජ පිටු හරහා පුසිද්ධ කරද තිබේ.