ප්‍රියංකාගේ අලුත් හොලිවුඩ් චිත්‍රපටය ලාබ ලබයි

  • 26-06-2023
  • Views 166

මැයි පස් වැනිදා ප්‍රදර්ශනය වූ ලව් අගේන් චිත්‍රපටය මේ වනවිට ලාබ ලැබූ චිත්‍රපටයක් බවට පත්ව ඇත. බොලිවුඩ් සුරූපි ප්‍රියංකා චොප්රා හා ජනප්‍රිය හොලිවුඩ් නළු සෑම් හියුගන් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් උපයා ගෙන ඇත.

ගාඩියන් ඔෆ් ද ග්ලැක්සිස් තුන්වැනි චිත්‍රපටය තිරගත වූ දිනයේදීම ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මෙවැනි ලාභයක් උපයා ගැනීමද විශේෂත්වයකි. ප්‍රියංකා ද මැට්රික්ස් අලුත්ම චිත්‍රපටයෙන් පසුව හොලිවුඩ් සිනමාවේ දුටු පළමු අවස්ථාව මෙය වීම කැපි පෙනෙන්නකි.