ප්‍රභාස්ගේ මිළඟ චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසය වෙනස් කරයිද

  • 26-07-2023
  • Views 153

අදිපුරුෂ් චිත්‍රපටයෙන් පසුව බාහුබලි නළු ප්‍රභාස් ඉදිරියේදී ඩාර්ලිං ස්ටාර් හා සලාර් චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකයින් මුණ ගැසිමට සූදානමින් සිටියි. කෙසේ වෙතත්, ප්‍රභාස් නුදුරේම තවත් අලුත් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වෙන අතර, එය දැනය ප්‍රජේක්ට් කේ නමින් හඳුන්වයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නාග් අශ්විස් විසිනි.

ඉන්දීය සිනමා ඉතිහාසය වෙන් කරන චිත්‍රපටයක් බවට බොහෝ දෙනෙකු හඳුන්වන මෙම චිත්‍රපටයේ ප්‍රභාස් සමගින් අමිතාබ් බච්චන්, කමල් හසන්, දිපීකා පදුකෝනි, ඩිෂා පටානි වැනි සුපිරි තරු රංගනයෙන් දායක වෙයි. විශේෂත්වය වන්නේ ප්‍රභාස් පමණක් මෙහි රඟපාන්නට ඉන්දීය රුපියල් කෝටි 150ක් අය කර තිබීමය. දැනට ලැබෙන තොරතුරුවලට අනුව ප්‍රජේක්ට් කේ චිත්‍රපටය නිර්මාණය කරන්නට තක්සේරු ඇති නිෂ්පාදන මුදල ඉන්දීය රුපියල් කෝටි 800කට අධික බව සඳහන් වෙයි.