‘ප්රින්සස් ඩයනා’ චිත්රපටයේ වැඩ ඉවරයි
මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ‘වැනිස්’ චිත්රපට උළලේ සඳහා ප්රදර්ශනය කිරිමට සූදානම් කර ඇති ‘ස්පෙන්සර්’ හෙවත් ඩයනා කුමරියගේ ජිවිත කතාව අලලා නිර්මාණය කළ චිත්රපටයේ සියලු වැඩ මේ වනවිට අවසන් කර තිබෙන බව වාර්තා වෙයි.
සිනමා විචාරකයන් පවසන්නේ ‘ඩයනා’ කුමරියට පණ පොවන යොවුන් හොලිවුඩ් සිනමා නිලි ක්රිස්ටිනා ස්ටුවර්ට්ට 2022 වසරේ ඔස්කා සම්මානයක් සඳහා මෙම රංගනය තුළින් නිර්දේශ වීම වැඩි ඉඩකඩක් පවතින බවය. එමෙන්ම ඔවුන් පවසන්නේ මෙය අති සාර්ථක හොලිවුඩ් චිත්රපටයක් වනු ඇති බවය.