ප්‍රනිත්ගේ හදිසි වියෝව මට පෞද්ගලික පාඩුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමා නිළි හංසිකා මොට්වානි කන්නඩ සිනමා නළු ප්‍රනිත් රාජ්කුමර්ගේ හදිසි වියෝව තමාට දැඩි ලෙස පාඩුවක් වූ බවය. 2008 වසරේදී හංසිකා රංගනයෙන් දායක වූ පළමු කන්නඩ චිත්‍රපටයේද ඇයගේ සිනමා පෙම්වතා වූයේ ප්‍රනීත් බව ඇය පවසයි.

ප්‍රනිත් නිතරම යාළුවෙක් විදිහට මං ගැන හොයලා බැලුවා. හොඳ චිත්‍රපට මට තෝරලා දුන්නා. ඔහු මට හොඳ මිතුරෙක්. මිතුරෙකුට වඩා ඔහු හොඳ සහෝදරයෙක්. ඉතින් ඔහුගේ හදිසි වියෝව මට දරාගන්න බැරි තරම් කාරණයක් යැයි ඇය පවසා ඇත.