පරණ චිත්රපට අලුත් කරන සනී ඩියොල්
කාලයක් හින්දි සිනමාවේ සිටි සිහින කුමාරයා වූ සනි ඩියොල් මේ වනවිට සිය 65 වැනි විය ගෙවා දමමින් සිටියි. දැනට සිනමා නළුවෙකුට වඩා චිත්රපට නිෂ්පාදකවරයෙක් හා අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සනි ඩියොල් ඉදිරි කාලයේදී ඔහු රංගනයෙන් දායක වූ චිත්රපට දෙකක් නැවත ප්රති නිර්මාණය කරන්නට අදහස් කරමින් සිටින බව සඳහන් වෙයි.
ඉන් එක් චිත්රපටයක් වන්නේ සනි ඩියොල් සිනමා නළුවෙකු ලෙස ජනප්රියත්වයේ හිණිපෙත්තටම රැගෙන ගිය ‘ගඩාර්’ චිත්රපටයේ දෙවැන්නය. අනික් චිත්රපටය වන්නේ ඔහු හා ඔහුගේ පියා ධර්මේන්ද්ර මෙන්ම බාළ සොහොයුරා වූ බොබි රංගනයෙන් දායක වු ‘අප්නේ’ චිත්රපටයේ දෙවැන්නය. මෙම චිත්රපට දෙකම ඔහු විසින් නුදුරේම වැඩ ආරම්භ කිරිමට නියමිත බව සඳහන් වෙයි.