පියෙක් වූ දකුණු ඉන්දීය සුපිරි නළුවා
දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයක දකින්නට ලැබුණ අර්යා මීට දින කිහිපයකට පෙර ගැහැණු දරුවෙකුට පියෙක් වූ පුවතක් වාර්තා වෙයි. 2019 වසරේ පෙබරවාරි මාසයේදී ජනප්‍රිය සිනමා නිළි ශයිෂා සයිගාල් සමගින් විවාහ වූ අර්යා මාපියන් වූයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.
අර්යා මෙන්ම ශයිෂාද තමන් මාපියන් වූ පුවත නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොතිබුණු නමුදු අර්යාගේ සමිපතම මිතුරා වන සිනමා නළු විශාල් මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත. කෙසේ වෙතත්, අර්යා මෙන්ම ශයිෂාද කාලයක සිට දකුණු ඉන්දිය සිනමාව තුළ දකින්නට නොලැබුණ තරු යුවලක්ද විය.