පොප් ගායිකා බ්‍රිට්නි යළිත් වරක් දික්කසාද වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවස්ථා කිහිපයකදීම විවාහ වූ ඇමෙරිකානු පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මීට දින කිහිපයකට පෙර ඇයගේ වර්තමාන සැමියා වූ සෑම් අස්ගාරික්ගෙන් වෙන් වී තිබේ. ඔවුන්ගේ දික්කසාද ලියකියවිලි මේ වනවිටත් සූදානම් කර ඇති අතර, එය ඉදිරි සතියකදී විභාගයට ගැනීමට නියමිත බව සඳහන් වෙයි.

බ්‍රිට්නිගේ එකම පුතා මේ වනවිට නැවතත් හවායි දුපත්වලට ගොස් එහිදි පදිංචි කරවා ඇති බ්‍රිට්නි මෙම නඩු විභාගය අවසන් වූ පසුව සිය පුතු සමග පුර්ණකාලීව හවායිහි පදිංචි වන බව පැවසේ. ලැබෙන තොරතුරුවලට අනුව බ්‍රිට්නි සිය සැමියා වූ සෑම්ගෙන් මේ වනවිට විශාල වන්දියක්ද ඉල්ලා ඇති බවය.