පොප් ගායක බිබර්ගේ බිරිඳ හයිලි අසනිපය හොඳ අතට
පසුගිය වසර කිහිපයේදී විවිධ චෝදනාවලට ලක්ව කළු චරිතයක් බවට පත්ව සිටි ඇමෙරිකනු පොප් ගායක ජස්ටින් බිබර් මේ වනවිට සිය චරිතය සුදු කරමින් ඉදිරියට පැමිණෙමින් සිටින බවට තොරතුරු ලැබේ. ඔහුගේ ගීත කිහිපයක්ම මේ වනවිට ජනප්‍රියව තිබෙන අතර, මේ වසරේ සංගීත සම්මාන උළෙලයන් රැසකදී ප්‍රධාන සම්මාන සඳහාද බිබර්ගේ නම නිර්දේශ වි තිබුණි.
එහෙත්, මේ වනවිට බිබර්ගේ පෞද්ගලික ජිවිතය පිළිබඳව අසන්නට ලැබෙන්නේ ඉතා කණගාටුදායක පුවතකි. එනම් මීට වසර දෙකකට පෙර විවාහ වූ සිය බිරිඳ හයිලි මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවෙන බවය. ලැබෙන තොරතුරුවලට අනුව ඇයගේ මොළයේ රුධිර කැටියක් හිර වී ඇත. කෙසේ වෙතත්, බීබර් පවසන්නේ ඇය ඉතා හොඳ සුවයෙන් මේ වනවිට සිටින බවය.