නිෂ්පාදිකාවක් විදිහට දිපිකා කාර්යබහුල වෙලා
බොලිවුඩයේ අංක එකේ නිළිය බවට මේ වනවිට පත්ව සිටින දිපිකා පදුකෝන් නිෂ්පාදිකාවක් ලෙස වර්තමානයේ කාර්යබහුලව සිටින බව වාර්තා වේ. ඒ දෙසැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති කබිර් ඛාන්ගේ ‘83’ චිත්‍රපටය වෙනුවෙනි.
මෙහි ප්‍රධාන නිෂ්පාදකවරිය ලෙස දිපිකා පදුකෝන් කටයුතු කරන අතර, ඇය මෙන්ම ඇයගේ සැමියා රන්විර් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන්ද එක්ව සිටියි. දිපිකා දැනට ප්‍රභාස් සමගින් සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා හයිද්‍රබාද් නගරයේ රැඳි සිටින අතර, ‘83’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ඇය සතියකට කිහිප වරක් මුම්බායි නගරයට පැමිනෙන බව සඳහන් වෙයි.