නෝරාගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ පිටුවට මිලියන 40ක රසික පිරිසක්
‘අයිටම්’ ගීත රැසක් සඳහා පෙනි සිටි ඉන්දීය සිනමා නිළි නෝරා පතාහි සතු ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට පසුගිය බදාදා දිනය වනවිට මිලියන 40ක රසික ප්රමාණයක් එකතු වූ බව සඳහන් වෙයි. මිලියන 40ක රසික පිරිසක් වර්තමානයේ සිටින 13 වැනි ඉන්දීය සිනමා තරුව වන්නේ නෝරාය.
නෝරා පවසන්නේ තමන්ට ආදරය කරන මිලියන 40ක් පිරිසක් සිටිම සිතා ගැනීමටත් නොහැකි බවය. එමෙන්ම රසික පිරිස් තමන් රංගන ශිල්පිනියකට වඩා නර්තන ශිල්පිනියක් ලෙස පිළිගැනිමද අතිශය සතුටක් බවය.