නයිසා එක්ක ඒබ්රහිම්ගේ තියෙන බැඳීම මොකක්ද
සායිෆ් අලී ඛාන්ගේ පුත් ඒබ්රහිම් අලී ඛාන් හා අජේ කාජල්ගේ දියණිය නයිසා දේව්ගන් සමග සාදයක පෙනි සිටින ඡායාරූප රැසක් මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිර යයි. නයිසා හා ඒබ්රහිම් අතර එතරම් සමිප සම්බන්ධකමක් නොපවතින අතර, ඔවුන් දෙදෙනාගේ ඡායාරූප හදිසියේම මෙසේ ප්‍රසිද්ධ වීම සැකසහිත බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
කෙසේ වෙතත්, ඒබ්රහිම්ගේ වර්තමාන පෙම්වතිය වන පලක් තිවාරි මෙම සාදයට පැමිණ ඇති බවටද නිල නොලත් තොරතුරු අතර පවති. එමෙන්ම ඒබ්රහිම් සිය පළමු චිත්‍රපටය වූ 'සර්සමීන්' චිත්‍රපටයට මේ දිනවල සූදානම්වන අතර, ඔහු මෙහි කාජල් හා මලයාලම් නළු ප්‍රිත්විරාජ් සුකුමරන් සමගින් රංගනයෙන් දායක වෙයි.
මෙම චිත්‍රපටය කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වන අතර, ජනප්‍රිය නළු බෝමන් ඉරානිගේ පුත් කයෝෂි ඉරානි මෙය අධ්‍යක්ෂණය කරන බව සඳහන් වෙයි.