නයන්තාරා හා විග්නේෂ්ගේ විවාහය ගැන කියන ක්‍රිති
සිනමා නිළි නයන්තාරාගේ සමිපතම මිතුරිය වන ක්‍රිති සුරේෂ් මීට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරේ සටහනක් තබා තිබුණේ නයන්තාරා හා විග්නේෂ් දෙදෙනාගේ විවාහය කිසිවෙකු බලාපොරෙත්තු නොවූ දිනෙක පැවැත්වෙන බවය.
ඒ අනුව ඇය සිනමා ලෝලින්ට, නයන්තාරාගේ විවාහය පිළිබඳව යම් කුතුහලයක් ඇති කරළිමට සමත්ව ඇත. කෙසේ වෙතත්, කාලයක් නයන්තාරා හා විග්නේෂ් දෙදෙනා විවාහ ගිවිසගත් බවටද කට කතා පැතිර ගිය අතර, නයන්තාරා හා විග්නේෂ් එකම වහළයක් යට දිවිගෙවන බවටද මේ වනවිට තොරතුරු වාර්තා වෙයි.