ධනුෂ්ගෙන් වෙන් වුණු රජිනිකාන්ත් දෝණියන්දා පරණ ප්‍රේමය එක්ක පැටලෙයි?
රජිනිකාන්ත්ගේ වැඩිමහල් දියණිය වන අයිශ්වර්යා ධනුෂ්ගෙන් වෙන්වන බව පසුගියදා නිවේදනය කළා. විවාහයෙන් වසර 18 කට පසු, දෙදෙනා එය අත්හැරීමට තීරණය කළා. අයිශ්වර්යා මේ මොහොතේ සිය රැකියාව කෙරෙහි නැවත අවධානය යොමු කරන බව පෙනෙන්නට තිබෙනවා. ඇය චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කරනවා.
වසර පහක නිහැඬියාවකින් පසුව ඇය නැවතත් චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස නැවත පැමිණීමට සිතමින් සිටිනවා. කොලිවුඩ් පුවත්පත් වාර්තා කරන පරිදි අයිශ්වර්යා ළඟදීම චිත්‍රපටයක සිම්බු සමඟ වැඩ කිරීමට සැලසුම් කරනවා. එම සාකච්ඡා තවමත් පැවැත්වෙන බව වාර්තා වන අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් නුදුරේදීම සිදුකිරීමට ඉඩ ඇති.
ඒ වන විටත් ඓශ්වර්යා සිම්බු සමඟ විවාහ වීමට නියමිතව සිටි බවත් පසුව ඇය ධනුෂ් සමඟ විවාහ වූ බවත් බොහෝ කලකට පෙර කටකතා පැතිර ගිය බව නොරහසක්.