දිලිප් කුමාර් සුව වී නිවසට යයි
‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී හොඳම නළුවා ලෙස අට වරක් සම්මාන ලැබු හින්දි සිනමා නළු දිලිප් කුමාර් මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවු රෝගාබාධයක් හේතුවෙන් මුම්බායි හි ‘හින්දුජා’ රෝහලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුගිය ජුනි 10 වැනිද දිලිප් කුමාර්ගේ ඥාති පුතෙකු සිය ‘ටිවිටර්’ ගිණුමට දැමු සටහනකින් පවසා තිබුණේ දිලිප් කුමාර් සුව වී නැවතත් ඔහුගේ මුමිබායිහි පිහිටි නිවසට පැමිණි බවය.
98 වැනි වියෙහි පසුවන දිලිප් කුමාර් පසුගිය වසර දෙකතුන තුළදී අවස්ථා කිහිපයකදීම හදිසියේ ඇතිවු රෝගාබාධ හේතුවෙන් රෝහල් ගත කරන්නට සිදුවිය. මෙවර ඔහු ‘හින්දුජා’ රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇති වූ හදෘයබාධයක් හේතුවෙන් බව සඳහන් වෙයි.