දියා මිර්සා බය වෙලා
දියා මිර්සා ඇගේ සැමියා වයිභාව් රේකි සමඟ රාත්රි භෝජන සංග්රහයක් භුක්ති විඳ, හෝටලයෙන් පිටතට එද්දී වීදි වෙළෙන්දන් වන ළමයින් පිරිසක් ඔවුන් වට කර ගත්තේය. දියා බිය වූයේ ඔවුන් මුදල් ඉල්ලා කරදර කරන විට හා කාරයට නගින්නට ඇයට ඉඩ නොදෙන බැව් ඔවුන් කියනු ඇසුණ විටය. එහෙත් ඔවුන් අතරින් ඇය මුදවාගෙන කාරයට රැගෙන යන්නට වයිභාව් සමත් වූයේය.
දියා සහම වයිභාව් විවාහ වුයේ 2021 දීය. මේ වන විට ඔවුන් දෙදෙනා පුතෙකුගේ දෙමව්පියෝ වී සිටිති. පුතුගේ නම අව්යාන්ය.
ඉදිරියේදී දියා මිර්සා දැකිය හැකි වන්නේ තප්පාද් සහ පාවේල් ගුලාටි චිත්රපටි තුළිනි. කෝල් මයි ඒජන්ට් බොලිවුඩ් වෙබ් චිත්රපටියේ ද ඇය රඟ පාන්නීය.