දාම ඝාතකයකුට හසු වූ කුඩා දරුවකුගේ ඉරණම ගැන කියැවෙන The Black Phone



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෆිනී ෂෝ (Finny Shaw) යනු දක්ෂ නමුත් ලැජ්ජාශීලී 13 හැවිරිදි පිරිමි ළමයෙකි. එක්තරා දවසක පාසල් නිම වී නිවෙසට පැමිණෙන අතරතුර ‘ෆිනී’ව දාම ඝාතකයකු විසින් මැජික්කරුවකු ලෙස පැමිණ පැහැරගෙනැවිත් හුදෙකලා බිම් මහලක සිර කරනු ලබයි. හදිසියේම ඒ බිම්මහලේ බිත්තියේ ඇති විසන්ධි වූ දුරකථනය නාද වීමට පටන් ගන්නා අතර ඒ අමතනුයේ දාම ඝාතකයාට පෙර ගොදුරු වූවන්ගේ ආත්ම බව ෆිනී තේරුම් ගනී. ඒ වගේම ඔවුන්ට සිදු වූ දේ ෆිනීට සිදු නොවීමට වගබලා ගැනීමට ඔවුන් ඔහුට උදවු කරන අතර ඔහු ගැන ඔහුගේ නැඟණියට විවිධ ඉඟි සපයන සිහින පෙනෙයි. ගොදුරු වූවන්ගේ ආත්මයන්ගේ පිහිටෙන් ෆිනී පැන යයිද? නැතහොත් දාම ඝාතකයාගේ මීළඟ බිල්ල ඔහු වේවිද?

එයට පිළිතුරු ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම 'The Black Phone' චිත්‍රපටය ඔබට නැරඹීමට සිදුවෙනවා. සුපිරි හොලිවුඩ් නළු Ethan Hawke හා Mason Thames  යන ළමා නළුවා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර Madeleine McGraw, Jeremy Davies හා James Ransone ඇතුළු නළු-නිළියන් දායක වේ.

Joe Hill ගේ කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ 'The Black Phone' චිත්‍රපටය Scott Dirrickson  ගේ අධ්‍යක්ෂණයකි. 2022 පෙබරවාරි 4 දින ලොව පුරා තිරගත වීමට නියමිත වී තිබුණත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් තවමත් තිරගත කිරීමට ස්ථිර දිනයක් ප්‍රකාශ කර නැති අතර 2022 මුල් කාර්තුව තුළ කෙසේ හෝ තිරගත කරන බව නිෂ්පාදකයෝ ප්‍රකාශ කර සිටියහ.

රමෝද් ජයවර්ධන