දිපාවලියේ නිකුත් කරන සල්මාන්ගේ ටයිගර් තුන්වැන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිසි කා බායි කිසි කා ජාන් චිත්‍රපටය අසාර්ථක වීමත් සමග සල්මාන් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ටයිගර් තුන්වැන්න හරහා ගොඩ යාමට බලාපොරොත්තු වෙන් සිටියි. මේ දිනවල එහි හඬකැවිම් කටයුතු සල්මාන් විසින් සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.  ටයිගර් තුන්වැන්න නොවැම්බර් 10 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා තිරගත වීමට සුදානම් කර ඇත.

සල්මන් ඛාන් සහ කත්‍රිනා කයිෆ් නැවතත් සෝයා සහ ටයිගර් ලෙස මෙම චිත්‍රපටය තුළ දකින්නට ලැබෙන අතර, සුපිරි නළු ෂාරුක් ඛාන් පතාන් ලෙස යළිත් මෙම චිත්‍රපටය තුළ දකින්නට ලැබේ. වාර්තා වන අන්දමට ෂාරුක් මෙම ආරාධිත රංගනයට ඉතා විශාල මුදලක් අය කර තිබෙන බවය.