දිපිකා, රන්විර් යුවළ අලුත් නිවහනකට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු දෙකක් වන රන්විර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර අලුත් නිවහනකට ගිය පුවතක් වාර්තා වෙයි. ඉන්දීය රුපියල් කෝටි 119ක් වටිනා මෙම අලුත් නිවස පිහිටා ඇත්තේ මුම්බායි අන්ද්‍රා ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුණලාය.

වර්ග අඩි 11,266ක භූමියක පිහිටා ඇති මෙම නිවස තනි මහල් එකක් බව සඳහන් වෙයි. විශේෂත්වය වන්නේ මෙම නිවස දෙපස සුපිරි බොලිවුඩ් සිනමා තරු දෙකක් වු ෂාරුක් ඛාන් හා සල්මාන් ඛාන්ගේ නිවාස පිහිටා තිබිමය. වාර්තා වන අන්දමට ඉන්දියාවේ තනි මහල් නිවාසයෝ මිළඳි ගත් ඉහළම ගණුදෙනුව මෙය බව සඳහන් වෙයි.