දිපිකා පදුකෝන් පවුලේ අය සමග තිරුපති වඳින්න ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑන්ස් චිත්‍රපට උළලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ බොලිවුඩයේ අංක එකේ නිළි දිපීකා පදුකෝන් මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිලේදී දකින්නට ලැබුණි. ඒ සිය පියා වූ ප්‍රකාශ් පදුකෝන්ගේ 67 වැනි උපන්දිනය සැමරිමටය.

තිරුපති වන්දනාමාන කරන්නට දිපිකා හා ප්‍රකාශ්ට අමතරව මව උජ්ජලා, සහෝදරිය අනිෂාද පැමිණ තිබුණ බව සඳහන් වෙයි. නිරන්තරයෙන්ම කාර්යබහුල තරුවක් වන දිපීකා මෙසේ පවුලේ අය සමග ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ කාලයකට පසුව බව බොලිවුඩ් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණි.