දින පහකට පසුව රෝහලෙන් නිවසට ගිය රාජිණිකාන්ත්
චෙන්නායි නගරයේ පිහිටි සුඛෝපබෝගි පෞද්ගලික රෝහලක දින පහක කාලයක් නේවාසිකාව ප්‍රතිකාර ලබමින් සිටි සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත් මේ වනවිට සිය නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, රාජිණිකාන්ත් රෝහල් ගත වූයේ කුමන රෝගයක් සඳහාද යන්න මේ වනවිට රෝහල් මාර්ග සඳහන් නොකරන අතර, රාජිණිකාන්ත් පරික්ෂා කළ වෛද්‍යවරයා පවසා තිබුණේ හදිසි කලාන්ත ගතියක් හේතුවෙන් රාජිණි මෙසේ රෝහල්ගත ව සිටි බවය.